රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත් මේ හේතුකොටගෙන corona රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් දැඩි පීඩනයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද (04) විපක්ෂ නායක කාර්යාලයේදී ඒ මහතා මේ බව පැවසීය .
නපුරු ඉරණමක අවදානම පෙනි පෙනීත් ආණ්ඩුව වගකීම් විරහිත ලෙස හැසිරෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ,කොරෝනා රෙගුලාසි ඉවත් කිරීමෙන් මුළු රටම බරපතළ අනතුරකට යොමුකොට ඇතැයිද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන හරහා යාපනය ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට එක්වෙමිනි.
