ආණ්ඩුව අතිශය මිලේච්ඡ ලෙස ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල කරන අරගලකරුවන්ට එරෙහිව කටයුතු කරන බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගය දිගින් දිගටම අරගල කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,දුක,කදුල,වේදනාව මතින් නැගෙන ජනතා අරගල නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවද පැවසීය.
රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට රැගෙන යාමට පෙර රට තුළ විසඳාගැනීම සිය ප්‍රතිපත්තිය බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ පවත්නා කොරොනා වියසනය හේතුකොටගෙන ජනතාව ගැන සිතා සමගි ජන බලවේගය විසින් දියත් කරනු ලබන විරෝධතා සහ පා ගමන් කෙටි කලකට අත්හිටවන බවද පැවසීය.
නමුත් ආණ්ඩුව ජනතාවට එරෙහිව ගෙන එනු ලබන සියලු ක්‍රියාමාර්ග වලට එරෙහිව කරනු ලබන අරගලය නතර නොකරන බවද පැවසීය .
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සභාපති අමිල සංදීප,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති තලංගම පොලිසියට අද (06) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි අතර එහිදී මේ බව පැවසීය.
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන එහි රදවා සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකතුමා එහිදී සොයා බැලුවේය.
