වත්මන් රජයේ අදූරදර්ශී පාලනය තුල දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිද වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විශය නිර්දේශ ආවරණය නොකරමින් දරුවන් තරග විභාග සදහා යොමු කරවීම අතිශය කණගාටුදායක තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් රට පුරා ගුරුවරු සිදු කරන අරගලයට සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ලබාදෙන බවද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කලා.
එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් රජය සතු මාධ්‍ය සම්පත් යොදා නොගැනීම සම්බන්ධයෙන්ද ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කලා.
