ඉන්දියාව සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේදි ශ්‍රී ලංකාව දැක්වු දුර්වලතා හදුනාගෙන ඉතිරි තරග දෙක සදහා හොදින් සුදානම් වන බව වේග පන්දු යවන ක්‍රීඩක දූෂ්මන්ත චමීර පවසනවා.
පළමු විස්සයි විස්ස තරගය නිමාවිමෙන් පසු මාර්ගගත ක්‍රමයට පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
