ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නියැලීමේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු පිරිසගේ සුවදුක් විමසීමට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසට පොලිසියෙන් බාධා එල්ලවී තිබෙනවා.
අදාළ 44 දෙනා මේ වනවිට රඳවනු ලැබ සිටින්නේ කොළඹ වරාය පොලිසියේයි.
කෙසේවෙතත් පොලිසිය තුළට යාමට විපක්ෂ නායකවරයා ඇතුලු පිරිසට අවසර ලැබී නැහැ.
මේ සම්බන්ධයෙන් සිය වරප්‍රසාද කඩවීම යටතේ කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ.
