ශ්‍රී ලංකාව විසින් මිළදී ගෙන අද අලුයම දිවයිනට ළගා වූ ෆයිසර් එන්නත් ප්‍රමාණය මාත්‍රා 90,000 ක් බව ගුවන් තොටුපළ පවසනවා.
කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ඇසුරුම් 16 ක කිලෝ ග්රැම් 547 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පළමුවෙන් ගුවන් මගින් රැගෙන විත් තිබුණා.
එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලූයම 02.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම එන්නත් තොගය රැගෙන පැමිණ තිබු බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මෙම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙනවිත් තිබෙනවා.
