සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

UN සහකාර මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන අගය කරයි

Hasitha Samaraweera by Hasitha Samaraweera
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
UN සහකාර මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන අගය කරයි
0
SHARES
33
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන අගය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ක්‍රියාවලිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය.

“ශ්‍රී ලංකාවේ ඉතා හොඳ එන්නත්කරණ වැඩසටහනක් තිබෙනවා”යැයි විග්නරාජා මහත්මිය මෙහි දී පැවසුවාය.

බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර ඇති බොහෝ රටවලට සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ද මෙහිදී ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් යළිත් වරක් වර්ධනය වීමට පටන් ගෙන ඇති බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක ක්ෂේත්‍රය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව මෙහි දී සාකච්ඡා විය.

“මම හිතන්නේ එන්නත්කරණය සමඟ සංචාරකයන් නැවත පැමිණේවි යැයි විග්නරාජා මහත්මිය විශ්වාසය පල කළාය.

පශ්චාත් කොවිඩ්-19 හි ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් විග්නරාජා මහත්මිය මෙහි දී කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවට සහාය විය හැකි ක්‍රම රාශියක් පවතින බවයි.

ශ්‍රී ලංකාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමඟ සමීපව කටයුතු කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අඛණ්ඩව එය ඉදිරියටත් ක්‍රියාත්මක බව අවධාරණය කළේය.

විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ තරුණ තරුණියන්ට රැකියා සහ අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා තරුණ තරුණියන් දිරිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එහි ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ කලාපීය අධ්‍යක්ෂවරිය ලෙස ද විග්නරාජා මහත්මිය කටයුතු කරයි. ඒ අනුව දේශගුණ විපර්යාස සහ තිරසර සංවර්ධනයට අදාළව එම ක්ෂේත්‍රයන් ඔස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිටත් ශ්‍රී ලංකාවට සහය දක්වමින් සිටින බව ඇය මෙම හමුවේ දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළාය.

ශ්‍රී ලංකාවේ UNDP සහාය දක්වන ප්‍රධාන ව්‍යාපෘතිවලින් එකක් වන්නේ දැනට වසර හතක සිට ක්‍රියාත්මකවන දේශගුණයට ඔරොත්තු දෙන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතියයි (CRIWMP). “ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවීන්ට දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් සියයට 73කට මඳක් වැඩි ප්‍රමාණයක අරමුදල් සැපයීම හරිත දේශගුණික අරමුදලෙන් (GCF) ලැබෙන ප්‍රදානයක් හරහා සිදුවේ.

ශ්‍රී ලංකා තිර‍සර සංවර්ධන සභාවේ (SDC) සමීප සහයෝගීතාවයෙන් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGS) සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන යන වැඩකටයුතු පිළිබඳව UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රොබට් ජුකාම් මහතා මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළේය.

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: එක්සත් ජාතීන්ගේඑන්නත්කරණයකන්නි විග්නරාජාපශ්චාත් කොවිඩ්-19සහකාර මහලේකම්වරිය
Previous Post

වැඩබලන මුදල් ඇමති ලෙස ජී.එල් පීරිස් පත් කෙරේ

Next Post

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03 දෙනෙක්

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
දේශීය

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Admin
January 27, 2023
සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
Next Post
කොවිඩ් එන්නත් ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට පර්යේෂණ වාර්තාවක්

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03 දෙනෙක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In