අද පස්වරු 02කට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණය ව්‍යාපාරයක් වලක්වන ලෙස කුරුදුවත්ත පොලිසිය විසින් කල ඉල්ලීමක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුතු ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසිනුයි එම උද්ඝෝෂණ ව්‍යාපාරය සැළසුම්කර ඇත්තේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා විසිනුයි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.
කෙසේ නමුත් එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීමක් සිදුවුවහොත් ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ බලය පොලිසියට ඇති බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිඛෙනවා.
