මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට තරග වදින දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා.
එහි නායකත්වය හිමිව ඇත්තේ ටෙම්බා බවුමා හටයි.
ක්වින්ටන් ඩී කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලාසන්, ඒඩන් මක්‍රම්, ලූන්ගි එන්ගිඩි වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සංචිතයට ඇතුලත්.
කගීසෝ රබාඩා, ටැබ්රිස් ශම්සි, ඩේවිඩ් මිලර්, කේශව් මහරාජ්ද මෙවර විස්සයි විස්ස තරගාවලියට දකුණු අප්‍රිකාවෙන් සහභාගී වනු ඇති.
ජෝර්ජ් ලින්ඩේ, ඩ්වෙයින් ප්‍රිටෝරියස්, ඇන්ඩිලේ පෙලූක්වායෝ, රසී වැන් ඩර් ඩුසෙන් සංචිතයේ සෙසු සාමාජිකයන්.
මේ අතර මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වන එංගලන්ත ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
ඒ ඔවන් මෝගන්ගේ නායක්වයෙන් යුක්තවයි.
මොයින් අලී, ජොනී බෙයාස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඊට ඇතුලත්.
සෑම් කරන්, ක්‍රිස් ජෝඩන්, jසන් රෝයි, ක්‍රිස් වෝක්ස් හා ඩේවිඩ් මාලන්ද සංචිතයේ සාමාජිකයන්. තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් මෙවර සංචිතයට ඇතුලත්ව නැහැ.