ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක ජය ගැනීමට ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු බ්ලුස් පිළ හා දසුන් ශානකගේ ග්‍රේස් පිළ සමත් වුනා.
ග්‍රේස් පිළ අශාන් ප්‍රියන්ජන්ගේ ශ්රීන්ස් පිළට එරෙහිව තරග වැදුනු අතර බ්ලුස් පිළ තරග වැදුනේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් පිළට එරෙහිවයි.
ග්‍රේස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් රැස් කළ අතර ග්‍රීන්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවී රැස් කළේ ලකුණු 166 ක් පමණයි.
ඒ අනුව මෙම තරගය ග්‍රේස් පිළ ජයගත්තේ එක් ලකුණකින්. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ලකුණු 84 ක් රැස් කළ ග්‍රේස් නායක දසුන් ශානකයි.
රෙඩ්ස් පිළ සමග පැවති තරගය බ්ලුස් පිළ ජය ගත්තේ ලකුණු 56 කින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලුස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9 ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර රෙඩ්ස් පිළ පන්දුවාර 17 කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 92 ක් පමණයි.
ලකුණු 45 ක් රැස් කළ බ්ලුස් පිළේ අශේන් බණ්ඩාර තරගයේ වීරයායි.
අද පස්වරු දෙකයි තිහට රෙඩ්ස් හා ග්‍රේස් අතර තරගයත් රාත්‍රී 7 ට බ්ලුස් හා ග්‍රීන්ස් අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදියි තරගාවලිය පැවැත්වෙන්නේ.