SlC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම සමත්වුනා.
ඒඊයේ පැවති තරගයේදී අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම කඩුළු 6 කින් පරාජය කිරීමත් සමගයි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇදැහැලුනු වර්ෂාව හමුවේ තරගය එක් පිළකට පන්දුවාර 15 ක් දක්වා සීමා කෙරුණා. ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 15 දී කඩුළු 7 ක් දැවී ලකුණු 114 ක් රැස් කළා.
සමින්ද ප්‍රනාන්දු ලකුණු 37 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් පිළ පන්දුවාර 14 යි පන්දු 3 කදී කඩුළු 4 ක් පමණක් දැවී ලකුණු 118 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 40 ක් රැස් කළා. තරගාවලියේ අවසන් මහා තරගය දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිළ හා දසුන් ශානකගේ ග්‍රේස් පිළ අතර හෙට රාත්‍රී 7 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.
මේ අතර ග්‍රේස් හා බ්ලුස් පිළ අතර ඊයේ පස්වරුවේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනා.
කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබාදෙන බවයි විනිසුරුවන් නිවේදනය කළේ.