ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පස්වරුවේ පැවති තරගයෙන් රෙඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 35 ක ජයක් ලැබීමට ග්‍රේස් කණ්ඩායම සමත්වුනා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම තරගාවලියේ ලද දෙවන ජයග්‍රහණය මෙය වන අතර දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිළ ලැබු දෙවන පරාජය මෙයයි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ග්‍රේස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8 ක් දැවී ලකුණු 154 ක් රැස් කළා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් පිළට පන්දුවාර 20 දී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවුනේ ලකුණු 119 ක් පමණයි.
ලකුණු 48 ක් ලබා ගත් ග්‍රේස් කණ්ඩායමේ දසුන් ශානක තරගයේ වීරයායි.
මේ අතර ඊයේ පැවති අනෙක් තරගයෙන් ජයගත්තේ ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමයි.
ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුලු 05 ක ජයක් වාර්තා කලා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 180 ක්.
පැතුම් නිස්සංක නොදැවී 76 යි. කමිඳු මෙන්ඩිස් නොදැවී 53 ක්ද ළහිරු උදාර 44 ක්ද රැස්කලා.
බ්ලූස් කණ්ඩායම පන්දු 03 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකල අතර සධීර සමරවික්‍රම 47 ක්ද සහන් ආරච්චිගේ 38 ක්ද ලබාගත්තා.
