ඉදිරි පෙළ සේවකයන් 2500 ක් පමණ තාවකාලිකව රැකියාවලින් ඉවත් කිරීමට ඔස්ටේ්රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් සැළසුම් කර තිබෙනවා.
අවම වශයෙන් මාස දෙකක කාලයක් සඳහා එය බල පැවැත්වෙනු ඇති.
පවතින කොවිඩ් වාතාවරණය හමුවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් කැපී පෙනෙන ලෙස අඩුවීමත් සමාගමේ පාඩුව සීඝ්රයෙන් ඉහළයාමත් මීට ඉවහල්වී තිබෙනවා.
ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් සඳහන් කලේ ගත හැකි අවසාන තීන්දුව ලෙස අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.
මෙම සේවකයන්ගෙන් බහුතරයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සේවය කල අය වනවා.
