කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටා ඇති පැරණි තුරග තරග පිටියේ පිහිටා ඇති අවන්හලක අද අලුයම කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පිහිටා ඇති ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් අවන්හලක මෙම පිපිරීම සිදුවී ඇති බවයි.
ඊට හේතුව ගෑස් කාන්දුවක් බවටයි දැනට සැක කෙරෙන්නේ. අනතුරුව ඇතිවූ ගින්න පාලනයට කොළඹ මහ නගර සභා ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව පියවර ගෙන තිබෙනවා.
මෙහිදී පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.
පිපිරීමට නිශ්චිතම හේතුව තහවුරු කරගැනීමට රජයේ රස පරීක්ෂකවරයා අදාළ ස්ථානයට කැඳවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් කුරුඳුවත්ත පොලිසිය විසිනුයි විමර්ශන සිදු කරනු ලබන්නේ.
