කොවැක්ස් පහසුකම යටතේ ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට පිටත්කර එවා තිබෙනවා.
ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට එවා ඇති බවයි.
එම ගුවන් යානය අද පස්වරු 05 යි 10 ට කටුනායක ගුවන් තොටුපළට ළගාවීමට නියමිතයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් පළමුවෙන් ලබාදීමට නියමිතයි.
ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබෙනවා.
මෙරට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කරමින් පසුගිය ජනවාරි මාසයේදී පළමුවෙන් ලබාදීම ආරම්භ වූයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.
එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 09 ලක්ෂ 25 දහස් 242 දෙදෙනෙකුට ලබාදී තිබෙනවා.
එහි දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ පුද්ගලයින් 03 ලක්ෂ 85 දහස් 885 දෙනෙකුට පමණයි.
ඒ අනුව තවත් පුද්ගලයින් 05 ලක්ෂ 39 දහස් 357 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිය යුතු වනවා.
