ගිරිඋල්ලේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කර කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම තැනැත්තාගේ පුත්‍රයා කොවිඩ් ආසාධිතයෙකු බවට හෙළිවී ඇති අතර ඒ සම්බන්ධ කටයුතු සිදුකිරීමට ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධාකර මෙලෙස කෙළ ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
