පීසීආර් පරීක්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමේ ගාස්තු පාලනය කලද රටේ ජනතාවට එම පරීක්ෂණ සිදුකර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සපයා නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
දිනෙන් වැඩි වන ආසාධිතයින් හේතුවෙන් ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලියද බිද වැටී ඇති බවයි සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.
මෙම තත්වයට හේතුව රජයේ රසායනාගාර පද්ධතියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමක් නොවන බවද ඔහු එහිදී අවධාරණය කලා.
සිදුකල මිළ පාලනය සැබෑ ලෙස ජනතාවට ප්‍රයෝජනවත් වූවාද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්වයක් බවයි රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.