පෞද්ගලික ආයතන යටතේ සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් නියම කරන ලද උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙනවා.
ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000 ක මුදලක් නියම කර තිබෙනවා.
