අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීම සදහා මැයි 22 සිට ජුනි 1 දක්වා විදුලිය කප්පාදු කාල සටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව මැයි 22 සහ මැයි 29 ව ඉරිදා දිනයන්හිද විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.
මැයි 22 සිට ජුනි 1 දක්වා අනෙකුත් දිනයන්හිදි පස්වරු 6.30 න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.
එම දිනයන්හිදි විභාගය නොපැවත්වෙන මධ්‍යහ්න 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුලදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සදහා පැය1 විනාඩි 45 සිට පැය 2 විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු වේ.
කාර්මික කලාප සදහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා ද කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා දෙදනිකව පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.
මේ පිළිබද විස්තර :
Demand Managmet Schedule-23rd May to 01st of June_OL Exam Period
