අදින් අරම්භ වූ 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා දරුවන්ගේ පැමිණීම සියයට 99 ක් වැනි සාර්ථක මට්ටමක පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නිව්ස් රේඩියෝ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා සදහන් කලේ විභාග අපේකෂකයින් විභාගය සදහා කල්වේලා ඇතිව නිසි පරිදි වාර්තා කර ඇති බවයි.
ඒ අනුව සමස්ථයක් ලෙස අද දිනයේදී සාර්ථකව විභාග කටයුතු පැවැත්වෙන බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ වුවද විභාග අපේක්ෂකයින් සදහා වූ ප්‍රවාහන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක බවද එල් එම් ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කළා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිස් සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් නොමිලේ ප්‍රවාහන කටයුතු සිදුකිරීමටත් / සංචාරක නිකේතන සිසුන් සදහා වෙන්කිරීමටත් කටයුතු කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.
විභාගය පැවැත්වෙන ඉදිරි දින තුළදීද විභාගය සදහා පැමිණෙන සිසුන් වෙනුවෙන් අවශ්‍ය පරිසරය ලබාදෙන්නැයි ද එල් එම් ඩී ධර්මසේන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.