හෙට පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා සහභාගිවන සිසුන් සහ විභාග රාජකාරි කරනු ලබන ගුරු – විදුහල්පතිවරුවන් හැකිතාක් කල් ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
කෙසේ නමුත් විභාග සදහා පැමිණෙන යම් කිසි දරුවෙකු ප්‍රමාද වුවහොත් ඒ සදහා සහන කාලයක් ලබා දීමට ශාලාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බවයි අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද එක්වුණා. පවතින තත්වය හමුවේ දරුවන්ට කිසිදු අපහසුතාවක් නොමැතිව විභාගයට මුහුණ දීමට අවශ්‍ය පරිසරය හෙට සිට පවතිනු ඇතැයි සිය විශ්වාසය බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
මේ අතර යම් යම් අභියෝගත්මක අවස්ථාවලට දරුවන්ට මුහුණ දීමට සිදුවුවද ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මකභාවට අවම කිරීමට බලාපොරොත්තු නොවන බවයි විභාග කොමසාරිස් එල් එම් ඩී ධර්මසේන මහතා මෙහිදී දැනුම් දුන්නේ.