එළැඹෙන 26 වන සදුදා දිනයෙන් ආරම්භවන සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ විභාග කොමසාරිස්ජනරාල් හට ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇති බවයි.
මේ අතර වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීමේ ගුරුවර්ජනයට අදට දින 12ක්.
