ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීනත්වය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ප්රමුඛ අංශ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
ඖෂධ නියාමන අධිකාරියට යම් කිසි ආකාරයෙන් දේශපාලන අතපෙවීමක් පවතීනම් එය සෘජුව සහ වක්රම ඖෂධවලට සහ ඖෂධ ප්‍රමිතියට බලපෑ හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට කරුණු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා.