දැනට පිටුවහල් කිරීමේ අවධානමකට ලක්ව සිටින ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වෙනුවෙන් කල අභියාචනයක් සළකා බැලීම ඔස්ටේරලියා මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
04 හැවිරිදි දැරිය වෙනුවෙන් පමණක් අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි නීතිමය ප්‍රතිපාදන පවතින්නේ.
ඒ ඇයගේ පියා – මව සහ වැඩිමහල් සොයුරිය යන 03 දෙනා වෙනුවෙන්ම මීට පෙර සිදුකල අභියාචනා ප්‍රතික්ෂේපවීම හේතුවෙන්.
ඒ අනුව තමන් දැනට රඳවා සිටින පර්ත් රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත් කරන ලෙස නවතම අභියාචනයක් ගොණු කර තිබුණා.
පසුගිය ජූනි මාසයේදී ඔස්ටේරලියා සංක්‍රමණ අමාත්‍යවරයා විසින් මොවුන්ට මාස 03 ක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාදී තිබුණේ ඉදිරි නීතිමය ගැටලු විසඳා ගැනීම සඳහායි.
ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ මෙම පියා සහ මව බෝට්ටු මගින් ඔස්ටේ්රලියාවට පැමිණ තිබූ අතර එරටදී විවාහ වීමෙන් පසු දැරියන් දෙදෙනා උපත ලබා තිබුණා.
පියා හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුද වනවා.
මෙම පවුල පිටුවහල් කරන ලෙස වසර කිහිපයකට පෙර අධිකරණ නියෝගයක් ලැබී තිබුණද අවසාන මොහොතේදී එය වැළකී ගියේ මානව හිමිකම් සංවිධාන කල කරුණු දැක්වීම් හමුවේයි.
මෙම පවුල මීට මාස කිහිපයකට පෙර නැවතත් දැඩි කථාබහකට ලක්වූයේ බාලම දැරිය වන ක්‍රිස්මස් දූපතේ දී දැඩි ලෙස රෝගාතුරවීම හේතුවෙනුයි.
