පසුගිය 09 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බව පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරනවා.
එම සිදුවීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු එහිදී සදහන් කළා.
මේ අතර රටේ පවතින ප්‍රධාන අර්බුධකාරි ගැටලු පසෙකලා මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට සිදුව ඇති හානි පිළිබද සාකච්ඡා කිරීම අද වන විට පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්ය වී ඇති බවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී චෝදනා කළා.