අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලු 07 ක ජයක් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 175 ක්.
නිතිෂ් රානා 54 යි. ටී නටරාජන් ළකුණු 37 කට කඩුලු 03 ක් බිඳ හෙලුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 05 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ළකුණු 176 ක් ලබාගත්තා.
රාහුල් ත්‍රිපති 71 යි. ඒඩන් මක්‍රම් නොදැවී 68 යි.
අයි පී එල් තවත් තරග 02 ක් අද පැවැත්වෙනවා. මුම්බායි ඉන්ඩියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර තරගය පස්වරු 03 යි 30 ටත් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය රාත්‍රී 07 යි 30 ටත් ආරම්විිමට නියමිතයි.
