ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.
ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය.
දේශීය ආදායම් පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද (28) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේය.
කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුනි.
ඒ අනුව පාර්ලිමේන්තුව යළි රැස්වීම මැයි 09 වනදා පෙරවරු 9.30 දක්වා කල්තැබුණි.