රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට දැනට කැබිනට් මණ්ඩලයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
ඒ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ අතර දේශපාලන විසදුම් පිළිබද සාකච්ඡා කිරීමට ද්‍රවිඩ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමරිකාවට යාම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් මාධ්‍යවේදින් විමසීමක් කළා.
කෙසේවෙතත් රජයේ පාර්වශයෙන් එවැනි සාකච්ඡාවක් සදහා කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.