2022 වසර සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8ක පමණ පසුබෑමක් වාර්තා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 වසර සඳහා නිකුත් කළ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහා වන්නේ 2023 වසරේ දෙවැනි භාගයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි බවය.
අනතුරුව එම වර්ධනය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
තවත් සති කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත මූල්‍ය සහනය ලැබෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදුකෙරෙන සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන බවය.
ඒබැවින් පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් කාර්යමණ්ඩල එකඟතාව සාර්ථක වෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
