සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    JANAKA RATHNAYAKE

    විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

    BREAD NK JAYAWARDENA

    ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    JANAKA RATHNAYAKE

    විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

    BREAD NK JAYAWARDENA

    ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

IMF එකට ලිව්වා – අද උනත් ඡන්දයකට සූදානම් – වාහන ගේන්න කලින් පරිප්පු බේරා ගන්න ඕනෑ

Admin by Admin
1 year ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
341
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවය.

මේ අතර ‘ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හෙට (03) ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (02) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වෙන්කර ඇති බවය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,

“ඉන්දියා එක්සිම් බැංකුව සමග ගිවිසුමක් අත්සන් කළා. ටිකක් කතා කරන්න වුණා. ඒ නිසයි මෙතනට එන්න ප්‍රමාද වුණේ.” 

“මුළු රටම වැළඳගත්ත සංවර්ධන වැඩපිළිවෙලක් හෙට සුබ මොහොතින් ආරම්භ කරනවා. මේක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ජනතාව විසින් තෝරාගන්නා ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මින් අදහස් කරලා තියෙනවා. රජය සපයන්නේ අරමුදල් පමණයි. අපි මේකෙදි ප්‍රධාන අංශ 4ක් යටතේ මුල්තැන දෙනවා. ඒ කියන්නේ ජීවනෝපායට, යටිතල පහසුකම්, පරිසරය හා සමාජ සංවර්ධනය.” 

“ප්‍රමුඛතාවය අපේ රටේ නිෂ්පාදනය වැඩිකිරීම. මුදලින් කිව්වොත් රුපියල් බිලියන 85ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා.”

“නිවාස සම්බන්ධ වෙළෙඳසැල් 14,000ක් සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කරලා තියෙනවා.”

“මම නම් කැමති අද හෙටම ඡන්දයට යන්න. පොහොට්ටුව සූදානම්.”

“ඉන්ධන මිල සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තුව අඩුවීමක්. ඉන්ධන මිල වැඩිකිරීමට එකඟද නැද්ද කියන එකට වැඩිය කැමති නෑ. කැමතිද නැද්ද කියලා අහුව නම් වැඩිය හොඳයි.”

“ඉන්දියාව සමග තිබුණේ දේශපාලන සාකච්ඡාවක් නෙවෙයි. අයවැය වෙලාවේ මම ගිහින් කතාකළා ඒ උදව්ව කොටස් වශයෙන් ලැබෙනවා. ඉතුරු ප්‍රමාණය වෙනුවෙන් පෙබරවාරි දෙවන සතියේ ගිවිසුම්ගත වෙන්න බලාපොරොත්තුවෙනවා. අපිට අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ඇතුළු දෑ ගන්න අමෙරිකානු ඩොලර් බිලියනයක් මාර්තු මුල වෙද්දි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

“2022 ණය පොලී ආදිය අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. අපි ඒක අනිවාර්යයෙන් ගෙවනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 30ක් අවශ්‍යයි. කඩාවැටුණු ක්ෂේත්‍ර යළි ගොඩනැගෙයි කියලා හිතනවා. ඒ අනුව අපි සැලසුම් සකස්කරලා තියෙනවා.”

මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “IMF එකත් එක්ක සාකච්ඡා කරමින්ද ඉන්නේ?”

අමාත්‍ය බැසිල් රාජපක්ෂ –  “ඒකත් තහනම් වචනයක්. නිල වශයෙන් එවැන්නක් කරලා නැහැ. විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා.”

මාධ්‍යවේදියෙක් – “ඇමතිතුමා මුදල් මුද්‍රණය කිරීම කවදා නවතියිද ?”

අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “ඒක නතර කරන්න බැහැනේ. මගේ අත්සන සහිත මුදල් තාම ගැහුවෙත් නැහැ. ඒකත් ගහන්න ඕනනේ.”

මාධ්‍යවේදියෙක් – “ඉදිරියේදී වාහන ආනයනය කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද?”

අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු.” 

Admin
Tags: IMFබැසිල් රාජපක්ෂ
Previous Post

ශ්‍රී ලංකාවෙන් අද කොවිඩ් ආසාධිතයන් 1156 ක්

Next Post

අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට

Admin

Admin

Related Posts

JANAKA RATHNAYAKE
දේශීය

විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

by Admin
April 2, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

by Admin
April 2, 2023
අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී
දේශීය

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

by Admin
April 2, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

by Admin
April 2, 2023
BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
Next Post
අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට

අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In