බදු වැඩිකිරීම, ඩීසල්, භූමිතෙල් සහනාධාර ඉවත් කිරීම ධීවර ඇතුළු පාර්ශ්ව රැසකට තදින් බලපාන අතර අවදානම් තත්ත්වයේ පසුවන සෙසු කණ්ඩායම් කෙරෙහි ද රජය සැලකිලිමත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකÛතාවට පැමි”මේ දී මේ කරුණු පිළිබඳ සලකා බැලීමට සිදුවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ශ්‍රී ලංකාව තුළ පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දිය හැකි අයුරින් ලෝක බැංකු ආධාර යටතේ මෙරට තුළ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්යක්ෂ හදාද් සර්වෝස් මහතා අවධාරණය කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකÛතාවට පැමි”මෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බවයි සර්වෝස් මහතා සදහන් කර ඇත්තේ.
ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය කෙරුණේ.
මේ අතර රට තුළ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇති අතර ලෝක බැංකුවෙන් වෙන් කෙරෙන ණය ආධාර බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබාදීමේ අවශ්‍යතාවද පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
කෘෂිකර්ම, පශු සම්පත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා ලබාගත හැකි ආකාරයට අඩු පොළී අනුපාතයක් මත එම ණය නිකුත් කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇති බව සදහන්.
මීට අමරතව ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බව ලෝක බැංකු නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.
