ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් අධ්‍යක්ෂ චැංග්යොංග් රේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමයි එහි මූලික අරමුණ වන්නේ.
අධ්‍යක්ෂවරයා ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහත්වරුන් මුණගැසී තිබුණා.
