ළමුන් ලිංගික අපයෝජනවලට වළක්වාලීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ඇපල් සමාගම සූදානම් වනවා.
ඒ අනුව ඇපල් දුරකථනයක් මගින් අයි ක්ලවුඩ් වෙත ඡායාරූපයක් තැන්පත් කිරීමට පෙර එය නුසුදුසු රුවක්ද යන්න ස්කෑන් කර බැලීමක් සිදුවනු ඇති.
කිසියම් අයුරකින් එය ළමුන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූපයක් වෙතොත් වහාම අදාළ රටේ නීති බලගැන්වීම් නිළධාරීන්ට පැමිණිලි කිරීම මෙහිදී සිදුවනවා.
