ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව හිමිවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් යුරෝපා සංගමය දැනුවත් කර තිඛෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ යුරෝපා සංගම් නියෝජිතයන් සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම දැනුවත් කිරීම සිදු කෙරුණු බවයි.
සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම, සිවිල් සමාජය සමඟ කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක 16 මුලපිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කෙරුණා.
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය යුරෝපා සංගමය වන බැවින්, රටේ ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමේදී යුරෝපා සංගම් ජීඑස්පී ප්ලස් ප්‍රතිලාභවල ධනාත්මක දායකත්වය පිළිබඳව විදේශ අමාත්‍යවරයා අවධාරණය කලා.
අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ බැඳීම් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම විසින් පිළිගත් බවත් අඛණ්ඩව සහයෝගිතාව ලබා දෙන බවට සහතිකවූ බවත් විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.
