තරුණ තරුණියන් විසින් ගාලුමුවදොරට එක්ව සිදුකරන්නේ සංදර්ශණයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ගාලුමුවදොරට රැස්වන තරුණයන්ගේ අරමුණ ප්‍රශ්ණාර්ථයක් සහිත වූවක් බවත් අර්ථාන්විත දෙයක් නොවන බවත් ඔහු පවසනවා.
අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.
දේශපාලනයට වඩා ඕනෑ තරම් විකල්ප ඔවුන් සතුව පවතින බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් අවධාරණය කලේ.
