අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලූ පොලිස් නිළධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු / වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු / ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු / සහකාර පොලිස් අධිකාරීවරුන් 07 දෙනෙකු / ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරයෙකු මේ අතර වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා එම තනතුරේ සිට පොලිස් මුලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති අතර එම පුරප්පාඩුවට මාතර හා හම්බන්තොට දිසාව බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතායි පත්කර ඇත්තේ.
මේ අතර ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි නුවන් වෙදසිංහ මහතා එම තනතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්ද පත්කර තිබෙනවා.
සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කලේ.