විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
තමා එම ඉල්ලා අස්වීම පිළිගත් බවත් ඒ අනුව විදුලි බල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලන්ගකෝන් නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනය කළා.