සම්පූර්ණයෙන්ම රට වැසීමට තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එහෙත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බවයි ඔහු කියාසිටියේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ්19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
