මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව අද ලක්ෂ 03 සීමාව ඉක්මවා ගියා.
ඒ අද දිනයේදී තවත් ආසාධිතයන් 1380 ක් සටහන්වීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 03 ලක්ෂ 01 දහස් 272 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 25 දහස් 222 ක්.
තවත් 1499 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 71 දහස් 855 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 1711 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4195 ක් වාර්තා වී තිබෙනවා.
