පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.
පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින් අතුරු තහනමක් නිකුත් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ රට් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
