අගෝස්තු 17 වනදා එනම් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංග්‍යය සදහා අවසර නොදෙන බව රජය දැනුම් දෙනවා.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තිරණය ගෙන ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශීවන කිසිදු අවස්ථාවකට අවසර නොදීමටයි රජය තීරණය කර ඇත්තේ.
අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් සියයට 50කට නොවැඩි පිරිසකට පමණයි.
එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින ලෙසයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
