75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් හට පොදු සමාවක් ප්‍රධානය කර ඇත.
ඒ අනුව, පහත සදහන් නියමයන් හා කොන්දේසි මත සිරකරුවන් සදහා මෙම පොදු සමාවක් ප්‍රදානය කර ඇත.
• බන්ධනාගාර ගතව 2023.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 03ක (දින 21ක්) සමාවක් ලබා දීම.
• දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2023.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉදිරි දඬුවම් කාලය අහෝසි කිරීම.
• දඬ දඬුවම්ද ඇතුලත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියමකර, 2023.02.04 දින වන විට එම දඬුවමින් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකල දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
• 2023.02.04 දින වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින ජීවිතාන්ත සිර දඬුවම් නියම වු සිරකරුවන් අතරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිර දඬුවම් නියම කර ඇති සිරකරුවන්ගේ සිරදඬුවම වසර 15කට අඩුකර (දඬ දඬුවම්ද සමගින්) මහාධිකරණයෙන් දඬුවම් නියමකල දින සිට ක්‍රියාත්මක කිරීම.
• 2023.02.04 දින වන විට මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් වී (දඬ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිළධාරියෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම
ඉහත කරුණු වලට අදාළව සුදුසුකම් ලබා ඇති සියලූම සිරකරුවන් හට ප්‍රධානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවන අතර, 2023.02.04 වන දින සුදුසුකම් ලත් සිරකරුවන් බන්ධනාගාර ආයතනයන් මගින් නිදහස් කිරීමට නියමිතව ඇත.
චන්දන ඒකනායක
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක)
