ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සදහන් කළේ හෙට පෙරවරු 11ට එම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති ගෝඨෘභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් ගිවිසුම් පදනම් කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වන බවද බවද දුමින්ද දිසානායක මහතා සදහන් කළා.
ආණ්ඩුවෙන් ඉවත්වයාමට නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව හරි මාර්ගයට ගැනීමේ වගකීමක් පක්ෂයට ඇති බවත් දුමින්ද දිසානායක මහතා අවධාරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව අද අනුරාධපුරයේදී රැස්වූ අතර එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
විනය කඩකල බවට චෝදනා එල්ල වී ඇති අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙම විනය කමිටුව හමුවට කැදවා තිබුණා.
