එක් දිනයකදී වැඩිම පිරිසකට එන්නත් කිරීම සම්බන්ධව පැවති වාර්තා බිද දමමින් ශ්‍රී ලංකාව තුළදී තවත් පුද්ගලයන් 4 ලක්ෂ 12 දහස් 211 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා.
ඒ සයිනොෆාම් පළමු මාත්‍රාව තුන්ලක්ෂ 06 දහස් 622 දෙනෙකුට / එහි දෙවන මාත්‍රාව 35 දහස් 720 දෙනෙකුට / ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව 39 දෙනෙක්ට සහ මොඩර්නා පළමු මාත්‍රාව පුද්ගලයින් 69 දහස් 830 දෙනෙකුට ලෙසයි.
මේ අනුව ශ්‍රී ලංකාව තුළදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 89 ලක්ෂ 07 දහස් 559 දක්වා ඉහළ යනු ඇති.
