අඩු ආදායම්ලාභීන්ට රුපියල් දෙදහසක මුදලක් රජයෙන් ලබාදෙන්නේ රට හුදකලා කර ඇති දවස් 10 සදහා අදාලවන පරිදි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මින් පෙර රට හුදකලා කෙරුණු අවස්ථාවලදි මාසයක කාලයක් සදහා රුපියල් 5000 ක් ලබාදුන්නද මෙවර දින 10 ක් පමණක් හුදකලා කර ඇති බැවින් රුපියල් දෙදහසක් ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.
දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියේ අද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වැටුප් පරිත්‍යාග කිරීමක් සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදින් දිලුම් අමුණුගම මහතාගෙන් ප්‍රශ්ණ කලා.