නිරෝධායන ඇදිරි නීතිය බලාත්මක කිරිමට සිදුවන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් බව රජය අවධාරණය කරනවා.
රජයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි මේ බව කියා සිටියේ.
මාධ්‍ය හමුවට එක්වු සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ රට යළි වසා දැමීමක් හෝ සංචරණ සීමා දැඩි කිරීමක් පිළිබද රජය තීන්දු වලට එළඹෙන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව බවයි.