සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    ලෝක වන අලි දිනය අද

    පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය අද රාත්‍රියේ

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

    PROTEST

    මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියාවලට 3310 ක් අත්අඩංගුවට

    බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 26 දා දක්වා අත්හිටුවයි

    බස්නාහිර වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම වැඩකරන සියලූම දිනයන්හිදී

    ASELA SAMPATHJ

    විදුලි බිල වැඩි නිසා යෝගට් – අයිස්ක්‍රීම් මිළ ඉහලට

    යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??

    විදුලි බිල වැඩි කිරීම පීඩාවක් වුවත් කළ යුතු දෙයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    ලෝක වන අලි දිනය අද

    පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය අද රාත්‍රියේ

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

    PROTEST

    මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියාවලට 3310 ක් අත්අඩංගුවට

    බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 26 දා දක්වා අත්හිටුවයි

    බස්නාහිර වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම වැඩකරන සියලූම දිනයන්හිදී

    ASELA SAMPATHJ

    විදුලි බිල වැඩි නිසා යෝගට් – අයිස්ක්‍රීම් මිළ ඉහලට

    යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??

    විදුලි බිල වැඩි කිරීම පීඩාවක් වුවත් කළ යුතු දෙයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර දී නැහැ : PUCSL

විදුලි ගාස්තු වැඩිකිරිම සදහා අවසර දී නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරයි

Hasitha Samaraweera by Hasitha Samaraweera
4 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
JANAKA RATHNAYAKE
0
SHARES
152
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විදුලි ගාස්තු වැඩිකිරිම සදහා අවසර දී නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරයි

විදුලි ගාස්තු වැඩිකිරීම සදහා කිසිදු අවසරයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළේ ය.

විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු ය.

එමෙන් ම ගාස්තු සංශෝධනයක් කෙරෙන්නේ නම්  සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත්කර මහජන අදහස් ලබාගැනීමද අනිවාර්ය වේ. එම මහජන අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පවත්වනු ලබයි.

මේ පිළිබද වැඩිදුර පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා

“මේ වන විට භාණ්ඩ මිල වැඩිකරන්නෙ මධ්‍යම රාත්‍රියෙදි. ජනතාව දන්නෙ නැහැ.

ඉන්ධන, ගෑස්, සිමෙන්ති, කිරි පිටි මේ සියළු භාන්ඩ වල මිල ඉහල ගිය බව පාරභෝගිකයො දැනගන්නෙ උදෑසන වෙළදපොලට ගිය විටදි. එපමණක් නොව ක්‍රමානුඅකූලව කල යුතු දෙයක් වු රුපියල පා කිරීම එක් වරම කලා. සියයට 7ක තිබුණු මහ බැංතු පොලි අනුපාතිකය එක රැයකින් 14% කලා.

මහ බැංකුව එක් වරම විදේශ ණය ගෙවන්නෙ නැහැ කියනවා. ඇතැම් භාණ්ඩ වල සැපයුම්කරුවන් ඒ අයට කැමැති ආකාරයට මිල වැඩිකරනවා.

නියාමනයක් සිදු නොවන කර්මාන්ත වල මධ්‍යම රාත්‍රියෙහි භාණ්ඩ මිල ඉහල දානවා වගේ විදුලි ගාස්තු ඉහල දමන්න ඉඩ දෙන්නෙ  නැහැ. නියාමනයක් තිබෙන විට විධායකයට නැත්නම් විෂයභාර අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශ ලේකම් වරයාට හෝ අදාල ආයතනයට ගාස්තු ඉහල දැමීය නොහැකියි.

තීන්දු තීරණ නිසි වෙලාවට නොගැනීමත් හදිසියේ තීරණ ගැනීමත් යන දෙකම හානිකරයි. විදුලිබල කර්මාන්තය නිසි ලෙස නියාමනයට ලක්වන ක්ෂේත්‍රයක්. විදුලි පාරිභෝගිකයාගේ හා විදුලිබල සැපයුම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී තිබෙන අත්හල නොහැකි වගකීමක්.

ලංකා විදුලිබල මණ්ඩලය අප වෙත යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඩොලරය පා කිරීමට පෙර ඉදිරිපත් කල යෝජනාවට පසුව වත්මන් තත්වය යටතේ නව යෝජනාවක් පසුගියදා අප වෙත ඉදිරිපත් කලා. අපි මේ යෝජනාව මේ වන විට අධ්‍යයනය කරනවා. ගාස්තු සමාලෝචනය සදහා අනුමත ක්‍රමවේදයක් තිබෙනවා.

කුමන වියදම් ද අනුමත කළ හැකිද යන්න මාර්ගෝපදේශ ඒ් ක්‍රමවේදය තුල ඇතුළත්. ගාස්තු සාමාලෝචනයකදි-අපේ අධ්‍යනයෙන් අනතුරුව ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් සදහා ප්‍රසිද්ධ කරනවා. මේ මහජන උපදේශනයේදී සියලු පාර්ශ්වයන්ට සිය අදහස් හා යෝජනා ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කරන්න අවශ්ථාව ලැබෙනවා.

අවසාන වරට විදුලි ගාස්තු සංශෝධයක් සිදුකලේ 2014 වසරේදී. එහිදී සියයට 25කින් විදුලි ගාස්තු අඩුකලා. පසුගිය වසර 8ක් පුරාම විදුලි ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදී පාලනය කරන්න අපට හැකි වුණේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශක්තිමත් නියාමන අධිකාරියක් විදියට සිය කාර්යය ඉටුකල නිසයි. රටේ අනෙකුත් ක්ෂේත්‍රවලට ද මේ අකාරයට නියාමනයක් හදුන්වාදිය යුතුයි.”

විදුලි ජනනයේදී දී ආනයනික ගල් අගුරු හා ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධන මත වැඩි වශයෙන් රදා පැවතීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීම සදහා කරන වියදම් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කලේ ය.

“මේ වන විට විදුලිබල මණ්ඩලයේ මාසික ආදායම රුපියල් බිලියන 22ක් පමණ. මෙයින් රුපියල් බිලියන 18ක් වැයවෙනවා පුද්ගලික තාප බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට. ගල් අගුරු හා ඩීසල් මිල 130%කින් වැඩි වෙලා. රුපියල අවප්‍රමාණය වීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම් 45%කින් ඉහල ගොස් ඇති බවට අපට දන්වා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම් වලින් 90%ක් වැය වන්නේ ගල් අගුරු හා ඩීසල් ඇතුළු ආනයනික ඉන්ධන සදහා.

ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවට අනුව මේ වන විට විදුලි ඒකකයක් සදහා වැයවන පිරිවැය රුපියල් 53ක්. අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා යම් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව  අපි පිළිගන්නවා.

සියළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර සාධාරණ තීන්දුවක් ගන්නා බව කිව යුතුයි. ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් විමසිම සදහා ප්‍රසිද්ධියට පත්කරනවා. ගාස්තු පිළිබද තීරණයක් ගැනීමට පෙර මහජන අදහස් මෙන්ම සහනාධාර සදහා රජයේ ප්‍රතිපත්තිය ද සළකාබලනවා.  කුමන පාරිභෝගික කොට්ඨාශ වලට කුමන ප්‍රමාණයක සහනාධාර දිය යුතුද යන්න රජය තීරණය කිරීමෙන් පසුව ඒ සහනාධාර ප්‍රමාණය ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන බවද තහවුරු කල යුතුයි

. එසේම ලංකා විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිදුවන අනාර්ථික වියදම් පාරිභෝගිකයා මත පටවන්න දෙන්නෙ නැහැ. එවැනි අකාර්යක්ෂමතා අඩුකිරීම සදහා කොන්දේසි ද පනවනවා. මේ කාරණා සියල්ල සළකා බැලීමෙන් අනතුරුවයි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නම් පමණක් අනුමැති ය ලබාදෙන්නේ.

නැවත වරක් අවධාරණය කල යුතු යි විදුලිගාස්තු වැඩිකිරීම විනිවිදභාවයකින් කරන නියාමන කටයුත්තක් බව. ඒ් නිසා විදුලි පාරිභෝගිකයා සහ මහජනතාව අනියත බියක් ඇතිකර යුතු නැහැ මධ්‍යම රාත්‍රියේ ගාස්තු වැඩිකිරීමක් සිදු වෙවි කියලා.”

ජනක රත්නායක – සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: JANAKA RATHANAYAKEPUCSLජනක රත්නායකමහජන උපයෝගිතා කොමිෂන් සභාවවිදුලි ගාස්තු
Previous Post

බය වෙන්න එපා – මම අස්වෙන්නෑ : අගමැති

Next Post

ආර්ථික අර්බුධය හමුවේ දැඩි බලපෑමට ලක්වූ ජනතාවට ඉදිරි මාස කිහිපයේදී විශේෂ සහනයක්

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
ප්‍රමුඛ පුවත්

දරුවන්ට ලිංගික හිංසන කළ හොර කපුවා කොටුවෙයි

by Hasitha Samaraweera
August 12, 2022
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
විශේෂාංග

ලෝක වන අලි දිනය අද

by Shamil Fernando
August 12, 2022
පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය අද රාත්‍රියේ
දේශීය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

by Shamil Fernando
August 12, 2022
PROTEST
දේශීය

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියාවලට 3310 ක් අත්අඩංගුවට

by Shamil Fernando
August 12, 2022
ජාතික කණ්ඩායමේ සහ 19 න් පහළ කණ්ඩායමේ උපදේශක ලෙස මහේල පත් කරයි
ක්‍රීඩා

මහේල ⁣ශ්‍රී ලංකා ටෙස්ට් පිළට හොද කියයි

by Hasitha Samaraweera
August 12, 2022
Next Post
NALAKA GODAHEWA

ආර්ථික අර්බුධය හමුවේ දැඩි බලපෑමට ලක්වූ ජනතාවට ඉදිරි මාස කිහිපයේදී විශේෂ සහනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In