ඔස්ටේ්රලියාවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැය 24 ක් තුළ කොවිඩ් ආසාධිතයන් 136 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රාන්තය තුළ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ආසාධිතයන්ගෙන් 53 දෙනෙකුම වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බව සඳහන්.
ගුවන් කාර්ය මණ්ඩල ප්‍රවාහන රියදුරෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගැනීමේ සිට මේ දක්වා සිඩ්නි නගරයෙන් හඳුනාගෙන ඇති මුලු කොවිඩ් ආසාධිතයන් ගණන 1600 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තත්වය ලබන 30 වනදායින් අවසන් නොවීමට ඇති ඉඩකඩ වැඩි බවටයි වාර්තා පළවන්නේ.
මේ අතර ඔස්ටේ්රලියාව සමග පවතින ගුවන් සංචාරක බුබුළ මාස 02 කට අත්හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.
එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ ඔස්ටේ්රලියාවේ ප්‍රාන්ත කිහිපයක ඩෙල්ටා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්තවීම ඊට හේතුව බවයි.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට ආසන්නතම හේතුව බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
කෙසේවෙතත් දැනට ඔස්ටේ්රලියාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට යළි මව්රට වෙත පැමිනිම සඳහා ඉදිරි දින 07 තුළ සීමිත ගුවන් වාර සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන බවද අගමැතිනිය කියාසිටියා.
කෙසේවෙතත් ඒ සඳහා අවසර හිමිවන්නේ නිවු සවුත් වේල්ස් හෝ වික්ටෝරියා ප්‍රාන්ත හැර අනෙක් ප්‍රදේශවල සිටින නවසීලන්ත ජාතිකයන්ට පමණයි.
