ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා එය වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහායි.
ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූවක්. කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනුයි එහි මූලාරම්භය සිදුව ඇත්තේ.
ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනුයි.
මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි පළමුවරට අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවක්.
ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීයි. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර එහිදී ඇයගේ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.
එය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ශතක සැමරුම 2011 වසරේදී සමරනු ලැබුවා.
ඒ අනුව මෙම වසරේ සැමරෙන්නේ, 111 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි. මේ අතර 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් හිමි වුණා.
එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ, අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු යන්නයි.
මේ අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිනි නිමල්කා ප්‍රනාන්දු මහත්මිය නිව්ස් රේඩියෝවට තැබූ සටහනක්.