ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.
ඒ යුධ හමුදා මූලස්ථානයේදියි. 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ඔහු මානුෂීය මෙහෙයුමේ දී 57 සහ 56 සේනාංකවල 08 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කලා.
රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් ද ඔහු විසින් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
මේ අතර ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (02) වැඩ භාර ගැනීමට නියමිතයි.
